Wednesday, October 24, 2018

බටර් පුඩින්


⭐️අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පිටි 200gක්.
බිත්තර 5ක්.
බටර් 50gක්.
සීනි 500gක්.
වැනිලා තේහැදි 1ක්.
බේකිං පවුඩර් තේහැදි 1/2ක්.
කිරි බොතල් 1/2 ක්.

⭐️සාදන ක්‍රමය

බිත්තර කඩා භාජනයකට දමා හොඩින් පෙන නගින තුරු ගසා, සිනි එහි හොදින් ඩිය වෙන තුරු කවලම් කර ගන්න. කිරි,බේකිං පවුඩ , වැනිලා , පිටි, එකට දමා හොදින් කවලම් වී ක්‍රීම් එක් වන තුරු කවලම් කර ගන්න. ඉන් පසු භජනයක බටර් ගා මිශ්‍රණය එයට දමා හුමලයෙන් හෝ විදුලි උදුනේ න් පිස ගන්න.

Saturday, October 20, 2018

ඉගුරු දෝසි පුඩින්


⭐️අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පිටි 250gක්.
බටර් 100gක්.
ඉගුරු දෝසි 250gක්.
පිටි සීනි 250gක්.
බිත්තර 5ක්.
බේකිං පවුඩර් තේහැදි 1ක්.
වැනිලා තේහැදි 1ක්.

⭐️සාදන ක්‍රමය

බටර් හා සිනි කවලම් කර ගන්න. ඉගුරු දොසි ඉතා සිහින්ව කපා ගන්න. ඉන්පසු එයද එක්කර හොදින් කවලම් කරගන්න. පිටි සල්පය බැගින් හා එක් බිත්තරය බැගින් දමමින් පිටි හ බිත්තර ඉවර වන තුරු කවලම් කර ගන්න. බේකිං පවුඩර් හා වැනිලා දාම කවලම් කර පුඩින් තබන භාජනයක බටර් ගා මිශ්‍රණය දමා පැය දෙකක් පමණ තම්බාගන්න.

Thursday, October 18, 2018

චොක්ලට් පුඩින්


⭐️අවශ්‍ය ද්‍රව්‍ය

චොකලට් කුඩු 250gක්.
කිරි බෝතල් 1/2 ක්
බිත්තර 05ක්
සිනි 100gක්.
බටර් 250gක්.
පිට් 250gක්.
වැනිලා තේහැදි 01ක්.
බේකිං පවුඩර් තේහැදි 01ක්.

⭐️සාදන ක්‍රමය

කිරි සස්පනකට දමා,චොකලට් කුඩු එයට එක්කර හොදින් උණුකර ගන්න. බටර් හා සිනි ද එයට දමා හැන්දකින් හොදින් කවලම් කර ගන්න. බිත්තර හොදින් පෙන නගින තුරු ගසා එයට පිටි ටික එක්කර කවලම් කරන්න. වැනිලා හා බේකිං පවුඩර් දමා හොදින් කවලම් කර භජනයේ බටර් තවරා සකසා ගත් මිශ්‍රණය දමා බටර් තවරු කඩදසියකින් වසා පැයක් පමණ වේලා පුලුස්සා ගන්න.නැති නම් තම්බාගන්න.

කොකෝවා පුඩින්


⭐️අවශ්‍ය ද්‍රව්‍ය

කොකෝවා කුඩු 50g.
බිත්තර 12ක්
සිනි 250gක්
කිරි බෝතල් 1ක්
බේකිං පවුඩර් තේහැදි 1ක්.
වැනිලා තේහැදි 1ක්.

⭐️සාදන ක්‍රමය

කොකොවා කුඩු කිරි වල හොදින් දිය කර ගන්න. බිත්තර හොදින් පෙන නගිනතුරු ගසා ගන්න.එයට සිනිත් එක්කර කලින් සදාගත් ම්ශ්‍රණය සමග හොඩින් දිය කරන්න. භජනයක බටර් ගා මිශ්‍රණය එයට දමා පයක් පමණ වේලා හොදින් ත්ම්බ ගන්න.

මිල්ක් පුඩින්


⭐️අවශ්‍ය ද්‍රව්‍ය

කිරි ලිටර් 1/2ක්.
බිත්තර 05ක්
වියළි මිදි
කජු මද
වැනිලා.
සීනි ග්‍රෑම් 100ක්.

⭐️සාදන ක්‍රමය

පළමුව කිරි ටික උණු කර නිවෙන්නට හරින්න. ඉන් පසු බිත්තර හොදින් ගසා ගන්න. එයට සීනි සහ වැනිලා එක්කර නැවතත් හොදින් ගසා ගන්න, භාජනයේ අඩියට බටර් තවරා සාදාගත් මිශ්‍රණය දමන්න. ඉන් පසු මිදි කජු මද අතුරා තේල් කඩදාසියකින් වසා වාෂ්පයේන් තම්බාගන්න.

අයිස් කෝපි


⭐️අවශ්‍ය ද්‍රව්‍ය

පිටි කිරි පුරවාගත් තේ හැඳි 5ක්.
කෝපි කුඩු තේ හැඳි 02 1/2ක්.
උණු වතුර කෝප්ප 2 1/2ක්.
වැනිලා බිංදු කිහිපයක්.
සීනි අවශ්‍ය පමණට.
ටින්කිරි තේහැඳි 2 1/2ක්.

⭐️සාදන ක්‍රමය

කෝප්පයක් ගෙන එ‍යට පිටි ටික දමා වතුර ටික ටික දමමින් දි‍ය කර ගන්න.ඉන් පසු පිටි කැටිති නැති කර ගැනිම සදහා පෙරාගන්න. ඉන් පසු පෑන් එකකට දමා මද ගින්නේ රත් කරන්න. ඉන් පසු වතුර ස්වල්පයක් දමා ඝන කම ඇති කෝපි දියරයක් සාදා ගන්න. දැන් ලිප තබා ඇති කිරි ටිකේ ග් ඉන්දර තවත් අඩුකර එයට ටින් කිරි ටික එක්කර හොදින් හැඳි ගාන්න. ඉන් පසු සාදා ගත් කෝපි දියර‍ය දමා හැඳි ගාන්න. අවශ්‍ය නම් පමණක් වැනිලා එකතු කරන්න. ගින්දර යන්තමින් යෝදා පිලියේල කරන්න. කිරි ඉතිරිමට නොදි වුණු කර ගන්න, කිරි නටාගේන එන විට ගින්දර නිවා මිශ්‍රණ‍ය හොදින් හැඳි ගාන්න. ඉන් පසු සිනි එක්කර මිශ්‍රණය හොදින් පේරා ගන්න. කෝපි කුඩු හොදින් පේරිය යුතුය. ඉන් පසු මිශ්‍රනය නිවිමට හැර ශිතකරනයක තබන්න. පිලි ගන්වන විට අවශ්‍ය නම් අයිස් කැට කිහිපයක් සහ චොක්ලට් අයිස් ක්‍රීම් ස්වල්පයක් දමා පිලි ගන්වන්න.

චොකලට් මිල්ක්ශේක්


⭐️අවශ්‍ය ද්‍රව්‍ය

නැවුම් කිරි ලිටර් 01ක්.
චොකලට් අයිස් ක්‍රීම් අවශ්‍ය පමණට.
සීනි රස අනුව යොදා ගන්න
කොකෝවා පයුඩර් මේසහැඳි 03ක්

⭐️සාදන ක්‍රමය

කිරි වලට සීනි එක්කර දිය කරන්න, ඉන් පසු එයට චොකලට් අයිස් ක්‍රීම් අවශ්‍ය පමණ එකතු කරන්න,ඉන් පසු මේම මිශ්‍රණය බ්ලෙන්ඩර් කරන්න, ඉන් පසු ශිතකරණයේ තබන්න,පිළි ගන්වන විට උඩින් චොකලට් අයිස් ක්‍රීම් දමා පිළිගන්වන්න.

Wednesday, October 17, 2018

අග්ගලා


⭐️අවශ්‍ය ද්‍රව්‍ය

වියලා ගත් බත්
සම්බා හෝ නාඩු හාල්
පැණි පොල්
ලුණු
ගම්මිරිස්
අවශ්‍ය නම් කිතුල් පැණි එකතු කර ගැනිමට පුලුවන
අවශ්‍ය දෑ රස අනුව එකතු කර ගන්න.

⭐️සාදන ක්‍රමය

බත් හොදින් සෝදා වතුර බේරා වියලා ගන්න, ඉන් පසු වියලා ගත් බත් රන් වන්පැහැ වන තුරුම කබලේ හොදින් බැදගන්න,බැදගත් හාල් හෝ බත් ග්‍රයින්ඩරයක දමා තරමක් සිහින් වන අකාරයට කොටා ගන්න,(යන්තම් කබැලි හැපෙන්න ආකාරයට),කොටාගත් හාල් කුඩු වලට ලුණු, ගම්මිරිස් අවශ්‍ය පමණට එක්කර කවලම් කරන්න,ඉන් පසු පැණි ටික ටික එක්කරමින් සියල්ලම හොඳින් කවලම් කර ලොකු ගුලියක් සාදා ගන්න, හොදින් ගුලි කිරිමට හැකි පමණට පැණි එක්කරන්න,පදම සාදාගත් පසු අත්ගසා මද වේලාවක් තබා අවශ්‍ය ප්‍රමාණයට ගුලි සදා ගන්න.

ස්ටෝබෙරි මිල්ක්


⭐️අවශ්‍ය ද්‍රව්‍ය

නැවුම් ස්ට්‍රෝබෙරි ග්‍රෑම් 100ක්
කිරි මිලි ලීටර් 500
සීනි ග්‍රෑම් 150
රෝසපාට වර්න තේ හැඳි 1 1/2ක්
කෝන් පිටි ග්‍රෑම් 50ක්
සීනි

⭐️සාදන ක්‍රමය

කිරි සහ කොන් පිටි එකට හොඳි මිශ්‍ර කරන්න. ඉන් පසු සදා ගත් මිශ්‍රණය ලිපේ තබා උකු වන තුරු ( විනාඩි 8ත් 10ත් පමණ කාලයක් ) හැඳි ගාන්න,උකු උ මිශ්‍රණයට වර්ණක යොදා නැවත කවලම් කර ලිපේන් ඉවත් අර කැමති හැඩ වලට කපා ගත් ස්ටෝබරි කැබලි මිශ්‍රණයට කවලම් කරන්න. ඉන් පසු මදක් නිවිමට හැර ශිතකරනයේ තබන්න.

මීට් බෝල්ස් කට්ලට්


⭐️අවශ්‍ය ද්‍රව්‍ය

මිට් බෝල්ස් ග්‍රෑම් 150ක්
පාන් පිටි මේස හැඳි 1 1/2ක්
බටර් මේස හැඳි 1 1/2ක්
අල ග්‍රෑම් 300ක්
ගම්මිරිස් කුඩු තේ හැඳි 01ක්
අමු මිරිස් කරල් 02ක්
බිත්තර කහමද 02ක්
බිත්තර සුදු මද
ලුණු අවශ්‍ය පදමට
බිස්කට් කුඩු
තෙල්

⭐️සාදන ක්‍රමය

අල සියල්ලම හොඳින් තම්බා පොතු ඉවත් කර සිහින් වන තුරු පොඩි කර ගන්න. ඉන් පසු බටර් රත් කොට එයට සිහින්ව කැපු අමු මිරිස් හා පිටි එක්කරන්න. ටික වේලාවක් හැන්දි ගාමින් පිස එයට හොදින් පොඩි කර ගත් අල ටික එක්කර ගන්න. ඉන් පසු ගම්මිරිස්, ලුණු, බිත්තර කහ මද, ලුණු එක්කර හොදින් කවලම් කර මිශ්‍රනය සදා ගන්න. ඉන් පසු පිස ගන්නා ලද මිට් බෝල්ස් මැදට සිටින් සේ සකසා ගන්නා ලද මිශ්‍රණය වටේට තබා රවුම් කර ගන්න. ඉන් පසු සාදා ගන්නා ලද බෝල වල බිත්තර සුදු මද තවරා බිස්කට් කුඩු දවටා ගැඹුරු තේලේ බැද ගන්න.

යෝගට්


⭐️අවශ්‍ය ද්‍රව්‍ය

කිරි පිටි ග්‍රෑම් 100ක්
සීනි ග්‍රෑම් 100ක්
ජේලටින් තේහැඳි 03ක්
යෝගට් 01ක් (මුහුම් සදහා )
වතුර බෝතල් 01ක්
වැනිලා තේ හැඳි 1/2ක්

⭐️සාදන ක්‍රමය

කිරි පිටි වලට සීනි දමා වතුර ටික ටික එක්කරමින් හොදින් කවලම් කරන්න සීනි දියවන තේක්.(ලිප තබා) ඉන් පසු මදක් රත් වුවාට පසුව උණු වතුරින් දිය කරගත් ජේලටින් දමා හොදින් උතුරුවා ලිපෙන් ඉවත් කර ගන්න. මදක් නිවුන පසු වැනිලා සහ යෝගට් එක දමා මිශ්‍රකරන්න.ඉන් පසු කුඩා බෝතල් වලට වත් කරන්න. ඉන් පසු බෝත්ල් පෙට්ටියක අසුරා වොට් 10ක් බල්බයක් දමා පැය 05ක් තබා පිටතට ගෙන ශිතකරණයේ තබන්න.

ඉස්සෝ වඩේ


⭐️අවශ්‍ය ද්‍රව්‍ය

ඉස්සන් ග්‍රෑම් 150ක් පමණ
කඩල පරිප්පු එකහමාරක්
සිහින්ව ලියාගත් ඉඟුරු මේසහැඳි 1ක්
රතු ළුෑණු ගෙඩි 6 ක්
වියලි මිරිස් කරල් 12ක්
සුදුළුෑණු බික් 3 ක්
කරපිංචා කිනිති 3 ක්
කහ කුඩු තේහැඳි 1 ක්
මිරිස් කුඩු තේහැඳි 2ක්
සිහින්ව කොටු කපන ලද බීළුෑණු ගෙඩි 1 ක්
සිහින්ව ලියන ලද අමු මිරිස් කරල් 4ක්
ලුණු රස අනුව
දෙහි යුෂ තේ හැඳි 1ක්
පාන් පිටි ස්වල්ප‍යක්
බැද ගැනිම සදහා පොල් තෙල්

⭐️සාදන ක්‍රමය

ඉස්සන් සුද්ද කර එයට එයට දෙහි බැයක් යුෂ සහ කහ කුඩු ස්වල්ප‍යක් දමා අත ගා ති‍යන්න. පැය තුනක් පමණ වෙලා පරිප්පු දියේ දමා තබන්න.ඉන් පසු වතුර බේරා කොටා ගන්න. කොටා ගන්නා පරිප්පු වලට ඉඟුරු, සුදුළුෑණු, රතුළුෑණු, වියළි මිරිස් කරල්, කරපිංචා, ඉස්සන් 6ක් දමා හොදින් කොටා ගන්න. (අවශ්‍ය නම් තරමක කැබලි සිටින සේද කොටා ගත හැක ) ඉන් පසු එය භාජණයකට දමා එ‍ය ට ලුණු, පාන් පිටි මේසහැඳි 3ක් සහ මිරිස් කුඩු එකතු කර හොදින් මිශ්‍ර කර ගන්න. සකසා ගන්නා ලද පරිප්පු මිශ්‍රණය පසකින් තබා බැද ගැනිම සදහා තෙල් ලිප තබන්න. ඉන් පසු අත් වල හොදින් වතුර තවරා ගෙන අවශ්‍ය ප්‍රමාණ‍යට පරිපු ගෙන බෝල‍යක් සදා එ‍ය අත් වලින් තද කර පැතලි කර ගන්න. ඉන් පසු එයට උඩින් ඉස්සන් දෙකක් තබා තරමක් තද කර පරිස්සමින් රත් වු තෙලට දමන්න. රන් වන් පැහැ වන තුරු බැදගන්න.ඉන් පසු බැද ගන්නා ලද වඩේ තේල් කඩදාසියක් මතට දමන්න. ඉන් පසු කොටු සහ සිහින්ව කපන ලද ළුෑණු සහ අමු මිරිස් ඉට උඩින් දමා ගන්න. අවශ්‍ය නම් සෝස් එක්කර ගැනිමට පුළුවණ.

Tuesday, October 16, 2018

චීස් සහ සොසේජස් සැන්ඩ්විචස්


⭐️අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පෙති කිහිපයක්.
සොසේජස් කරල් පෙති වලට කපා.
තරමක් සිහින්ව ගාගත් චීස්.
බිත්තර සුදු මද.
ලුණු ගම්මිරිස්.

⭐️සාදන ක්‍රමය

මුලින්ම පාන් පේති දෙකක් මැදට සොසේජස් පෙති කිහිපයක් අතුරා ඉට උඩින් චීස් ඉස ගන්න.ඉන් පසු පාන් පෙති හොඳින් තදකර පසකින් තබා ගන්න. ඉන් පසු බිත්තර සුදු මද සහ ලුණු ගම්මිරිස් එකට කවලම් කර ගන්න. ඉන් පසු පසකින් තබාගත් පාන් පෙත් ගේන එහි සාදා ගත් මිශ්‍රණය ගනට තවරා බටර් දමා රත් කරගත් පැන් එකකින් පාන් පෙත්තේ දෙපැත්ත තරමක් බැද ගන්න.

රතුලූනු කොළ වෑංජනය


⭐️අවශ්‍ය ද්‍රව්‍ය

රතුලුනු ගස් 30යි.
උම්බල කඩ කුඩු තේහැඳි 1 1/2යි.
මිරිස් කරල් 04ක්.
මිරිස් කුඩු 1/2යි.
උකු පොල් කිරි කොප්ප 1/2ක්.
තුනපහ කුඩු මේස හැඳි 1ක්.
කහ කුඩු මේස හැඳි 1/2යි.
රත් කරන ලද උළුහාල් තේ හැඳි 1/2ක්.
එනසාල් ඇට කිහිපයක්.
කුරුඳු පොතු කැබලි 1
ලුණු, රම්ප, කරපිංචා අවශ්‍ය පමණට.

⭐️සාදන ක්‍රමය

රතුලුනු ගස් හොදින් සොදා සිහින්ව කපාගන්න, සියලුම කලමනා එයට එක්කර ලිප තබා පිසින්න.

නෙලුම් අල වෑංජනය


⭐️අවශ්‍ය ද්‍රව්‍ය

නෙළුම් අල 500gයි.
උම්බලකඩ් කුඩු තේ හැඳි 2යි.
සුදුලුනු බික් 02ක්.
රතුලුනු ගෙඩි 06යි.
උකු පොල් කිරි කොප්ප 1 1/2ක්.
බැදපු තුනපහ කුඩු තේහැඳි 01ක්.
තුනපහ කුඩු තේහැඳි 1 1/2යි.
මිරිස් කුඩු තේහැඳි 01ක්.
බැදගත් උලු හාල් (කුඩු කරගන්නා ලද) තේ හැඳි 1/2
අමු මිරිස් කරල් 03
කහ කුඩු, ලුණු කුඩු, රම්ප, කරපංචා, එනසල් අවශ්‍ය පමණට යොදාගන්න.

⭐️සාදන ක්‍රමය

නෙළුම් අල හොදින් සොදා සිහින් පෙති ලියගන්න. රම්ප කරපිංචා, ලුනු සුදු ලුනු ,අමු මිරිස් අනිකුත් සියලු කලමනා දාමා වතුර සල්පයක් එයට එක්කර ලිප තබාන්න,, නෙළුම් අල තැම්බුනු පසු එයට කිරි එක්කර පැසීමට හරින්න.. ලුනු සුදුලුනු මාගරින් වලින් කර කර එයට එක් කිරිම මගින් වඩාත් රසවත්ය.

මෑකරල් වෑංජනය


⭐️අවශ්‍ය ද්‍රව්‍ය

ලා මෑකරල් 20යි.
උම්බලකඩ කුඩු මේසහැඳි 1යි.
සුදුලුනු බික් 05ක්.
පොල් කිරි කොප්ප 1/2යි.
රතු ලුනු ගෙඩි 05ක්.
අමු මිරිස් කරල් 04ක්.
රත් කරන ලද උළුහාල් තේ හැඳි 1/2යි.
තුනපහ තේහැදි 01ක්.
කහ කුඩු තේහැඳි 1/2ක්.
මාගරින් මේස හැඳි 1 1/2.
ලුනු , රම්ප , කරපිංචා අවශ්‍ය පමණට එක්කරන්න.

⭐️සාදන ක්‍රමය

මැකරල් කැබලි වලට කඩා සෝදා ගන්න. මාජරින් බදුනකට දමා රත් විමට හරින්න ඉන්පසු අනිත් සියලු කලමනා එයට එක්කරන්න, මිශ්‍රනය රන් වන් පැහැ ගැන්වෙන විට එයට මෑකරල් එකතු කර හොදින් කවලම් කරන්න, (පොල් කිරි අඩු කොප්ප භාගයක් අවසනයේදි එක්කර පැහිදා ගැනිමටද පුලුවන, ) ( මෑකරල් වල පැහැය තරමක රන් වන් පැහැයක් වන තුරු පමණක් පිස ගන්න ).

කැරට් වෑංජනය


⭐️අවශ්‍ය ද්‍රව්‍ය

කැරට් අල 250g.
පොල්කිරි කෝප්ප 1 යි.
රතු ලූනු ගෙඩි 3/4 ක්.
අමුමිරිස් කරල් 2 යි.
මිරිස් කුඩු තේ හැඳි බාගයක්.
උම්බලකඩ කුඩු ටිකක්.
තුනපහ කුඩු තේ හැඳි 1 යි.
කහ කුඩු තේ හැඳි කාලක්.
ලුණු කුඩු තේ හැඳි 1 යි.
රම්ප, කරපිංචා සහ බැදගත් උළුහාල් ස්වල්පයක්.
පොල්තෙල් මේස හැඳි 1ක්.

⭐️සාදන ක්‍රමය

හොඳින් සොදා පිහියෙන් හූරා සුද්ද කරගන්න.ඉන්පසු කැරට් කැබලි කපාගෙන පොල්කිරි වත්කොට රතු ලූනු, අමුමිරිස්, මිරිස් කුඩු, උම්බලකඩ කුඩු, තුනපහ කුඩු, කහ කුඩු, ලුණු කුඩු, රම්ප, කරපිංචා සහ බැදගත් උළුහාල් දමා තම්බාගන්න. ඉදුනු පසු තෙම්පරාදු කරගැනීමෙන් වඩාත් රසවත් වේ.

ලීක්ස් වෑංජනය


⭐️අවශ්‍ය ද්‍රව්‍ය

ලීක්ස් 250g.
පොල්කිරි කෝප්ප 1 යි.
රතු ලූනු ගෙඩි 3/4 ක්.
අමුමිරිස් කරල් 2 යි.
මිරිස් කුඩු තේ හැඳි බාගයක්.
උම්බලකඩ කුඩු ටිකක්.
තුනපහ කුඩු තේ හැඳි 1 යි.
කහ කුඩු තේ හැඳි කාලක්.
ලුණු කුඩු තේ හැඳි 1 යි.
රම්ප, කරපිංචා සහ බැදගත් උළුහාල් ස්වල්පයක්.
පොල්තෙල් මේස හැඳි 1ක්.

⭐️සාදන ක්‍රමය

ලීක්ස් සිහින්ව ලියාගන්න. ඉන්පසු අමුමිරිස්, රතු ලූනු, රම්ප, කරපිංචා කපා දමන්න. තුනපහ, කහ, ලුණු, මිරිස්, උම්බලකඩ කුඩු, උළුහාල්, පොල්කිරි, දමා ඉදුනු පසු තෙම්පරාදු කරගන්න

බෝංචි වෑංජනය


⭐️අවශ්‍ය ද්‍රව්‍ය

බෝංචි 500g.
රතු ලූනු ගෙඩි 6 යි.
අමුමිරිස් කරල් 2 යි.
පොල්කිරි කෝප්ප 1 යි.
උම්බලකඩ කුඩු ටිකක්.
බැදගත් උළුහාල් ස්වල්පයක්.
මිරිස් කුඩු තේ හැඳි 1 යි.
තුනපහ කුඩු තේ හැඳි 1 යි.
කහ කුඩු තේ හැඳි බාගයක්.
ලුණු කුඩු තේ හැඳි 1 යි.
රම්ප සහ කරපිංචා.

⭐️සාදන ක්‍රමය

හොඳින් සෝදාගත් බෝංචි සුද්ද කර කැබලි වලට කපාගන්න. රතුලූනු, අමුමිරිස්, රම්ප, කරපිංචා, කපා එයට එක්කරන්න. ඉන්පසු උම්බලකඩ, ලුණු, මිරිස්, තුනපහ, උළුහාල්, අදිය දමා එයට පොල්කිරිද එක්කර ලිපේ තබා ඉදුනු පසු බාගන්න.

පරිප්පු වෑංජනය


⭐️අවශ්‍ය ද්‍රව්‍ය

පරිප්පු 100g.
උකු පොල්කිරි කෝප්ප එකක්.
උම්බලකඩ කුඩු මේස හැඳි එකක්.
ලියන ලද රතු ලූනු ගෙඩි 5ක් පමණ.
බැදපු තුනපහ කුඩු තේ හැඳි එකක්.
සුදුලූනු බික් 4ක්.
අමුමිරිස් කරල් 2ක්.
කහකුඩු තේ හැඳි කාලක්.
මිරිස් කුඩු තේ හැඳි 1ක්.
ලුණු රම්ප කරපිංචා අවශ්‍ය පමණට

⭐️සාදන ක්‍රමය

පරිප්පු හොඳින් සෝදා භාජනයකට දමා වතුර කෝප්පයක් වත්කරගන්න. ඉන්පසු කිරි හැර සියලුම කලමනා දමා හොඳින් තැම්බුනු පසු කිරි හා ලුනු දමන්න. කිරි හොඳින් පැසුන පසු ලිපෙන් ඉවත් කරගන්න. තෙම්පරාදු කරගැනීමෙන් වඩාත් රසවත් වේ.

ඉස්සන් සමග ලූනු වෑංජනය


⭐️අවශ්‍ය ද්‍රව්‍ය

ඉස්සන් ග්‍රෑම් 250ක්.
ළුෑනු ග්‍රෑම් 150ක්.
සුදු ළුෑනු ග්‍රෑම් 25ක්.
තක්කාලි ග්‍රෑම් 50ක්.
තුනපහ ග්‍රෑම් 20ක්.
ගම්මිරිස් කැලි තේහැඳි 02ක්.
තෙල් තේහැඳි 02ක්.
උළුහාල් තේහැඳි 1/2ක්.
කහ ස්වල්පයක්.
දියකිරි කොප්ප 02ක්.
මිටි පොල් කිරි 1/2 ක්.
රම්ප.
කරපිංචා.

⭐️සාදන ක්‍රමය

පළමුව ඉස්සන් කඩා සෝදා ගන්න, බදුනකට තෙල් දමා රත් වන විට සුදුළුෑනු, ළුෑනු, කරපිංචා, උළුහාල් දමා බැදෙන විට තුනපහ, කහ, ඉස්සන් එයට එකතු කරන්න,ඉන් පසු දියකිරි දමා තැම්බෙන විට එයට මිටිකිරි එක්කර කිරි පැසෙන විට ලිපෙන් බාගන්න.

කඩල වෑංජනය


⭐️අවශ්‍ය ද්‍රව්‍ය

තම්බාගත් කඩල ග්‍රෑම් 100ක්.
අමු මිරිස් කරල් 03ක්.
ලොකු ලුනු ගෙඩි 01ක්.
අබ ඇට තේහැඳි 1/4ක්.
සුදුලුනු බික් 03ක්.
මිටි කිරි කොප්ප 01ක්.
දිය කිරි කොප්ප 1 1/2ක්.
උළුහාල් තේහැඳි 1/4ක්.
ඉගුරු කැබැල්ලක්.
රම්ප.
කරපිංචා.
තෙල් තේහැඳි 01ක්.

⭐️සාදන ක්‍රමය

තම්බා ගන්නා ලද කඩල කොටා ගන්න, බදුනකට තෙල් දමා රත්වන විට අබ ඇට දමා පුපුරන විට ලුනු, සුදුලුනු, රම්ප, කරපිංචා, අමු මිරිස් දමා කවලම් කර කඩල, කහ, උළුහාල් සමග දියකිරි යොදන්න, ඉන් පසු ටික වෙලාවකින් මිටි කිරි යොදා කිරි නටන විට ලිපෙන් ඉවත් කරන්න.

අල වෑංජනය


⭐️අවශ්‍ය ද්‍රව්‍ය

අල ග්‍රෑම් 400ක්.
ලොකු ලුනු ගෙඩි 03ක්.
උම්බලකඩ මේසහැඳි 01ක්.
කෑලි මිරිස් තේහැඳි 02ක්.
ගම්මිරිස් කැබලි තේහැඳි 1/2ක්.
තෙල් මේසහැඳි 02ක්.
ලුනු.
රම්ප.
කරපිංචා.
දෙහි බෑයක ඇඹුල්.

⭐️සාදන ක්‍රමය

අල තම්බා සුද්ද කර කැබලි වලට කපා ගන්න,ඉන් පසු තෙල් බදුනක් ලිප තබා රත් වන විට අවශ්‍ය සියලුම කලමනා දමා බැදෙන විට අල දමා කලවම් කරන්න, ඉන් පසු ලෙපෙන් බැමට අසන් වන විට ලුණු , ගම්මිරිස් කුඩු දමා හැදි ගා ලිපෙන් ඉවත් කරන්න්න,මදක් පොඩි වන අකාරයට ලිපෙන් බාගත් අල හැදි ගා ගන්න.

බිම්මල් වෑංජනය


⭐️අවශ්‍ය ද්‍රව්‍ය

හතු ගෑම් 300ක්.
අමු මිරිස් කරල් 2ක්.
තක්කාලි ගෑම් 200ක්.
රතු ළුෑණු ගෙඩි 03ක්.
සුදු ළුණු බික් 02ක්.
මිරිස් කුඩු මේස හැඳි 1/2ක්.
කහ කුඩු ස්වල්පයක්.
තුනපහ කුඩු තේහැඳි 1/4ක්.
ලුණු
ගම්මිරිස් කුඩු
පොල් කිරි කොප්ප 1ක්
ඔලිව්තෙල් මේස හැඳි 01ක්

⭐️සාදන ක්‍රමය

හතු සෝදා කෑලි කපා මිරිස්, තුනපහ, කහ, ගම්මිරිස්, ලුණු, අතගා පසකින් තබන්න, තැටියක් ලිප තබා තේල් දමා රත් වන විට රතු ළුෑණු, සුදු ළුෑණු, රම්ප, කරපිංචා, එකතු කර රන් වන්පැහැ වන තුරු බැදගන්න,එයට තක්කාලි සහ හතු එකතු කරන්න, ඉන් පසු හොදින් කවලම් කරන්න, ඉන් පසු පොල් කිරි එක්කර පැහිදා ගන්න, කිරි නටන විට ලිපෙන් ඉවත් කරන්න.

Monday, October 15, 2018

කංකුන් තෙම්පරාදුව


⭐️අවශ්‍ය ද්‍රව්‍ය

කංකුන් මිටි 1ක්.
දෙහි බෑ 1ක්.
රතු ළුණු ගෙඩි 5ක්.
අමු මිරිස් කරල් 2ක්.
සුදුරු තේහැඳි 1/4ක්.
කහ තේහැඳි 1/21ක්.
සුදු ළුෑණු බික් 3ක්.
මාජරින් තේ හැඳි 3ක්.
ලුණු අවශ්‍ය පමණට
රම්ප
කරපිංචා

⭐️සාදන ක්‍රමය

කංකුන් හොදින් සෝදා වතුර බේරා ගන්න. ඉන් පසු සිහින්ව ලියා ගන්න, තච්චියක් ලිප තබා රත් වු විට එයට මජරින් ටික දමා ළුෑණු, සුදු ළුෑණු, රම්ප කරපිංචා දමා මදක් රන් වන් පාට වු පසු අනිත් කලමණා දමා මද වේලාවකින් කංකුන් එකතු කර කවලම් කර තැම්බුනාට පසු ලිපේන් ඉවත් කරන්න.

කජු වෑංජනය


⭐️අවශ්‍ය ද්‍රව්‍ය

අමු කජු ගෙඩි 75ක් 100ක්.
මාජරින් මේසහැඳි 1ක්.
උම්බලකඩ කුඩු මේසහැඳි 2ක්.
පොල් කිරි කොප්ප 1 1/2ක්
මිරිස් කුඩු තේහැඳි 1ක්
තුනපහ කුඩු තේහැඳි 1ක්
කහ කුඩු තේහැඳි 1/2ක්
ලියාගත් අමු මිරිස් කරල් 4ක්.
සුදු ළුෑණු බික් 5ක්
රම්ප, කරපිංචා, ලුණු රස පදමට
උළුහාල් තේහැඳි 1/2ක්

⭐️සාදන ක්‍රමය

වෙන් කර ගත් කජු මද නටන උණු වතුරට දමා ඉක්මනින් දිය බේරා ගන්න. ඉන් පසු අනිත් සියළුම කලමණා එක්කර දිය කිරෙන් ලිප තබා තැම්බුනාට පසු උකු කිරි දාමා කිරි නටවා තෙම්පරදු කර ගන්න.

කොහිල දලු වෑංජනය


⭐️අවශ්‍ය ද්‍රව්‍ය

කොහිල දලු මිටි 1ක්.
බැදපු උළුහාල් තේහැඳි 1/2ක්.
රතු ළුෑණු ගෙඩි 05ක්.
අමු මිරිස් කරල් 5ක්
උම්බලකඩ කුඩු මේසහැඳි 02ක්
කහ තේහැඳි 1/2ක්
මිරිස් කුඩු තේහැඳි 1ක්
තුනපහ කුඩු තේහැඳි 1ක්.
තෙල් මේසහැඳි 1ක්
කරපිංචා ඉති 2ක්
උකු පොල් කිරි කොප්ප 1ක්
බැදපු තුනපහ කුඩු තේහැඳි 1ක්
ලුණු අවශ්‍ය පදමට

⭐️සාදන ක්‍රමය

කොහිල දලු සෝදා ලියා ගන්න. ඉන් පසු ලියාගත් අමු මිරිස්, රතු ළුෑණු, කරපිංචා එයට එක්කරන්න. උළුහාල්, ලුණු, උකු කිරි, කහ , උම්බලකඩ කුඩු, තුනපහ අදි දෑ දමා පිස ගන්න. ඉන් පසු කොහිල දලු තේම්පරාදු කර රස බලන්න.

සුදු ලූනු කිරි වෑංජනය


⭐️අවශ්‍ය ද්‍රව්‍ය

සුදු ළුෑනු ගෙඩි 5ක්
රතු ළුණු ගෙඩි 12ක්
අමු මිරිස් කරල් 04ක්
අමු තුනපහ කුඩු තේහැඳි 01ක්
උම්බල කඩ කුඩු තේ හැඳි 01ක්
මිරිස් කුඩු තේහැඳි 01ක්
ගම්මිරිස් කුඩු තේ හැඳි 1ක්
කුරුඳු කැබැල්ලක්
සි‍යඹලා
ලුණු
කහ් තේහැඳි 1/2ක්
උළුහාල් තේ හැඳි 1ක්
උකු පොල් කිරි කොප්ප 02ක්
සුදුළුෑනු, රතු ළුෑනු, උම්බලකඩ, අමු මිරිස්, උළුහාල්, ගම්මිරිස්, මිරිස් කුඩු, තුනපහ, කහ එකට දමා ගන්න.

⭐️සාදන ක්‍රමය

ඉන් පසු කිරි කොප්ප 1ක් පමණ දමා එයට සියඹලා සහ ලුණු දමා ලිප තබා තැම්බේන්නට හරින්න. කලමණා හොදින් තැම්බුනාට පසු එයට උකු කිරි එක්කර නටවා ගන්න.

ළපටි මුකුනුවැන්න වෑංජනය


⭐️අවශ්‍ය ද්‍රව්‍ය

ළපටි මුකුණුවැන්න ග්‍රෑම් 250ක්
උම්බලකඩ මේසහැඳි 1 1/2ක්
බැදපු උළුහාල් තේහැඳි 1/2ක්
අමු තුනපහකුඩු තේහැඳි 1ක්
කහ කුඩු තේහැඳි 1/2ක්
අමු මිරිස් කරල් 2ක්
රතු ළුෑණු ගෙඩි 8ක්
උකු පොල්කිරි කෝප්ප 1/2ක්
කරපිංචා
ලුණු කුඩු

⭐️සාදන ක්‍රමය

මුකුණුවැන්න සෝදා කපා බඳුනකට දමා එයට අනිත් අවශ්‍ය කලමණා සියල්ල දමා හොඳින් කවලම් කර මද ගින්දරේ ලිපේ තබන්න. තැම්බුනාට පසු උකු කිරි එක්කර කවලම් කර මද වෙලාවක් තිබේන්නට හැර ලිපේන් ඉවත් කර ගන්න.

Sunday, October 14, 2018

අලු කෙසෙල් සමග වම්බටු වෑංජනය


⭐️අවශ්‍ය ද්‍රව්‍ය

පෙති කපා බැදගත් අළු කෙසෙල් ග්‍රෑම් 250ක්
පෙති කපා බෑදගත් වම්බටු ග්‍රෑම් 500ක්
වියලි මිරිස් කුඩු තේහැඳි 2ක්
උකු පොල්කිරි කෝප්ප 4/1ක්
තක්කාලි ගෙඩි 2ක්
දියකිරි කෝප්ප 3/4ක්
අමු මිරිස් කරල් 3ක්
අර්තාපල් ගෙඩි 2ක්
රතුළුෑණු ගෙඩි 7ක්
ලුණු, ගම්මිරිස්, දෙහි රස අනුව

⭐️සාදන ක්‍රමය

බදුනකට දිය කිරි දමා අමු මිරිස්, රතුළුෑණු, වියලි මිරිස්, තක්කාලි දමා ලිප තබන්න. එය හොදින් උතුරන විට බැදගත් අළු කෙසෙල් තම්බාගත් අල හා වම්බටු ඉට එක්කරන්න. කිරි හිදිගෙන එන විට එයට මිටි කිරි, ගම්මිරිස්, ලුණු දමා මද ගින්නේ පිසින්න. ලිපේන් ඉවත් කර පසුව එයට දෙහි එකතු කරන්න.

කෙසෙල් මුහ ඇඹුල


⭐️අවශ්‍ය ද්‍රව්‍ය

කෙසෙල් මුහයක්
ලියාගත් ලොකුළුෑණු ගෙඩි 2ක්
තලන ලද සුදු ළුෑණු බික් 4ක්
සිහින්ව ලියාගත් අමු මිරිස් කරල් 4ක්
මිරිස් කුඩු තේහැඳි 4ක්
තුනපහ කුඩු මේසහැඳි 1ක්
කහ තේහැඳි 1/4ක්
ඉඟුරු කැබැල්ලක්
මිටි කිරි කෝප්ප 2ක්
දියකර ගත් සියඹලා තේහැඳි 4ක්
පොල් තේල් මේසහැඳි 2ක්
රම්ප, කරපිංචා, සේර ලුණු

⭐️සාදන ක්‍රමය

කෙසෙල් මුහයේ ළා පාට පොත්ත එනතුරු පොතු ගලවා සිහින්ව ලියා ගන්න. එයට ලුණු සහ කහ මිශ්‍ර කර වතුර එක්කර තම්බා කහට ඉවත් වන අකාරයට මිරිකා ගන්න. බදුනකට තේල් දමා රත් වු පසු සුදු ළුෑණු, ළුෑණු, රම්ප, කරපිංචා, ඉඟුරු, සේර, අමු මිරිස් දමන්න.එය තෙම්පරාදු වු විට එයට අනිත් සියලුම කලමනා එක්කර පිසගන්න.

බිම්මල් වෑංජනය


⭐️අවශ්‍ය ද්‍රව්‍ය

බිම් හතු 25ක්
බැදගත් උළුහාල් තේහැඳි 1ක්
තලාගත් ඉඟුරු මේසහැඳි 1ක්
උම්බලකඩ මේසහැඳි 1 1/2ක්
කුරුඳු පොතු කැබලි 1ක්
රතුළුෑණු ගෙඩි 1ක්
අමු මිරිස් කරල් 4ක්
තළාගත් සුදුළුෑණු බික් 4ක්
පොල් කිරි කෝප්ප 2ක්
බැදපු තුනපහ කුඩු තේහැඳි 1ක්
කහ කුඩු තේහැඳි 1/2ක්
තුනපහ කුඩු මේසහැඳි 1ක්
මිරිස් කුඩු මේසහැඳි 1ක්
ලුණු කුඩු
රම්ප
කරපිංචා

⭐️සාදන ක්‍රමය

හතු කැබලි වලට කපා ලුණු වතුරේ දමා ස්වල්ප වෙලාවක් තම්බන්න.ඉන් පසු සෝදා භාජනයකට දමන්න. ඉන් පසු බදුනකට තෙල් වත් කර එයට ඉඟුරු, රතු ළුෑණු, සුදු ළුෑණු, උම්බලකඩ, කුරුඳුපොතු, රම්ප, කරපිංචා, අමු මිරිස්, දමා රන්වන් පාට වනතුරු බැදගන්න.ඉන් පසු එයට හතු එක්කර මිරිස් තුනපහ එක්කර හොඳින් කවලම් කරන්න. හතු හොඳින් තැම්බුනාට පසු කිරි එක්කර නටවා ලිපේන් ඉවත් කරන්න.

වට්ටක්කා වෑංජනය


⭐️අවශ්‍ය ද්‍රව්‍ය

වට්ටක්කා ග්‍රෑම් 500ක්
කැකුළු හාල් තේහැඳි 1ක්
පොල් මේසහැඳි 1ක්
අබ තේහැඳි 1/2ක්
උම්බලකඩ මේසහැඳි 1ක්
ලියාගත් රතුලුණු මේසහැඳි 1ක්
බැදගත් උළුහාල් තේහැඳි 1/2ක්
සුදුළුෑණු බික් 6ක්
පොල් කිරි කෝප්ප 1/2 ක්
මාජරින් මේසහැඳි 1ක්
මිරිස් කුඩු මේසහැඳි 1/2ක්
කහ කුඩු තේහැඳි 1/4ක්
තුනපහ කුඩු මේසහැඳි 1/2ක්
ගම්මිරිස් කුඩු මේසහැඳි 1/2ක්
අමු මිරිස් කරල් 1ක්
ලුණු කුඩු , රම්ප, කරපිංචා

⭐️සාදන ක්‍රමය

වට්ටක්කා සෝදා අගලක් පමණ ඝනකමට කැබලි කපන්න. සියලු කලමණා එක්කර වට්ටක්කා ලිපතබන්න. එය ඉදෙන විට බැද අඹරා ගත් හාල් පොල් උකු කිරට මිශ්‍ර කර එකතු කරන්න. හොඳින් නටන විට තේම්පරදු කර ලිපේන් ඉවත් කර ගන්න.

හරක් පීකුදු වෑංජනය


⭐️අවශ්‍ය ද්‍රව්‍ය

පීකුදු ගෑම් 500ක්
රටළුෑණු ග්‍රෑම් 100ක්
සුදුළුෑණු බික් 2ක්
අමු තුනපහ කුඩු මේසහැඳි 1ක්
අමු ඉඟුරු පෙති 2ක්
සියඹලා මේසහැඳි 1ක්
බැදපු තුනපහ කුඩු මේසහැඳි 1ක්
බැදපු මිරිස් මේසහැඳි 1ක්
ලියාගත් අමු මිරිස් කරල් 2ක්
පොල් කිරි කෝප්ප 1ක්
කහ කුඩු තේහැඳි 1/4ක්
රම්ප
කරපිංචා
ලුණු.

⭐️සාදන ක්‍රමය

පීකුදු තුනියට පෙති කපා භාජනයකට දමන්න. පොල් කිරි හැර එයට අනෙක් සියලු කළමනා එක්කර වතුර කෝප්පයක් වත්කර ලිප තබන්න. මද ගින්නේ තම්බා ඉස්ම සිදීගිය විට කිරි වත් කර නටනවිට ලිපේන් ඉවත් කර තුනපහ ඉසගන්න.

තක්කාලි චට්නි


⭐️අවශ්‍ය ද්‍රව්‍ය

අමු තක්කාලි ග්‍රෑම් 500ක්.
විනාකිරි මිලිලීටර් 450ක්.
සීනි ග්‍රෑම් 500ක්.
ගම්මිරිස් කුඩු තේහැඳි 1ක්.
කරාබු නැටි 2ක්.
ඉඟුරු පෙති 3ක්.
අබ තේහැඳි 1ක්.
සුදු ළුණු බික් 4ක්.
වියලි මිරිස් කුඩු මේසහැඳි 1 1/4ක්, ලුණු කුඩු මේසහැඳි 1ක්.

⭐️සාදන ක්‍රමය

තක්කාලි පෙති කපා ලුණු තවරා දිනක් පමණ තබන්න, ඉන් පසු ගම්මිරිස්, අබ, සුදුළුණු, කරාබුනැටි, ඉඟුරු විනාකිරෙන් අඹරා ගන්න. ඉන් පසු තක්කාලි වල පොතු ඉවත් කර ඉතිරි විනාකිරි ටික වත් කර ලිප තබන්න. ඉන් පසු අනිත් සියළුම කලමනා එක්කර හොඳින් කවලම් කරන්න. කවලම් කර චට්නි පදමට ආවාට පසුව ලිපේන් ඉවත් කර ගන්න.

අන්නාසි චට්නි


⭐️අවශ්‍ය ද්‍රව්‍ය

ඉදුණු අන්නාසි ගෙඩි 01ක්.
සීනි ග්‍රෑම් 300ක්.
මිරිස් කුඩු මේස හැඳි 01ක්.
අමු ඉඟුරු කැබැලි 01ක්.
කරාබු නැටි 02ක්.
විනාකිරි මිලි ලීටර් 400ක්.
ලුණු කුඩු මේසහැඳි 4/3ක්.
සුදු ලුණු බික් 04ක්.
කුරුඳු පොතු කැබලි 1ක්.

⭐️සාදන ක්‍රමය

අන්නාසි ගෙඩිය හොදින් සුද්ද කර කුඩා කැබලි වලට කපා ගන්න. අනිකුත් කලමණා විනාකිරෙන් අඹරා ගන්න. සියල්ලම කුඩා අන්නාසි කැබලි සමග හොදින් මිශ්‍ර කරන්න. ඉන් පසු මිශ්‍රණය ලිප තබා චට්නි පදමට ආ විට ලිපේන් ඉවත් කරන්න.

රටඉදි චට්නි


⭐️අවශ්‍ය ද්‍රව්‍ය

රටඉදි ග්‍රෑම් 500ක්.
වියලි මිරිස් කුඩු මේසහැඳි 1 1/2ක්
අබ තේහැඳි 01ක්.
කුරුඳු පොතු කැබලි 01ක්.
අමු ඉඟුරු පේති 05ක්.
සීනි ග්‍රෑම් 250ක්.
විනාකිරි මිලිලීටර් 500ක්.
සුදු ළුණු බික් 04ක්.
ලුණු කුඩු මේසහැඳි 3/4ක්.

⭐️සාදන ක්‍රමය

රටඉදි වල ඇට ඉවත් කරගන්න, රටඉදි ටික හොදින් අඹරාගන්න,ඉන් පසු අනිකුත් කලමණා සියල්ලම විනාකිරේන් අඹරාගන්න,ඉන් පසු සියල්ලම හොදින් එකට කවලම් කර ලිප තබා චට්නි පදමට එනතුරු පිසගන්න, සුළන් නොවදින අයුරින් ඇසුරුම් කර තබා ගන්න.

අඹ චට්නි


⭐️අවශ්‍ය ද්‍රව්‍ය

ඇට සහ පොතු ඉවත් කරන ලද බාගෙට ඉදුණු අඹ ග්‍රෑම් 250ක්.
අඹරාගත් අබ තේ හැඳි 01ක්
විනාකිරි කොප්ප 1/2ක්.
අඹරාගත් ඉඟුරු සහ සුදුලුනු.
මිරිස් කුඩු තේහැඳි1 1/2ක්.
සිනි සහ ලුණු ස්වල්පස්යක්.

⭐️සාදන ක්‍රමය

මේ සියල්ලම එකට මිශ්‍රකර මදගින්නේ හොදින් පිගන්න, තැම්බිගෙන එන විට හැඳි ගමින් අඹ කැබලි පොඩි කරන්න.

බදින ලද එලු මස්


⭐️අවශ්‍ය ද්‍රව්‍ය

එළු මස් ග්‍රෑම් 500ක්
පාන් පිටි මේසහැඳි 2ක්
බිත්තර 1ක්
බිස්කට් කුඩු ග්‍රෑම් 100ක්
පොල් තෙල්
විනාකිරි
ගම්මිරිස් කුඩු මේසහැඳි 1ක්
ලුණු කුඩු තේහැඳි 1ක්

⭐️සාදන ක්‍රමය

එළු මස් විනාකිරි සහ ගම්මිරිස්, ලුණු දමා මද ගින්නේ තම්බා ගන්න. ඉන් පසු පෙති කපන්න. ඉන් පසු මස් පෙති පිටි වල දවටා ගසා ගත් බිත්තර වල දවටා ගන්න ඉන් පසුව බිස්කට් කුඩු වල දවටා ගැඹුරු තෙලේ බැද ගන්න.

එලු මස් කරිය


⭐️අවශ්‍ය ද්‍රව්‍ය

එළු මස් ග්‍රෑම් 500ක්
ලියාගත් රතු ළුෑණු මේසහැඳි 1ක්
සියඹලා යුෂ මේසහැඳි 1ක්
තලාගත් සුදුළුෑණු බික් 3ක්
බැදගත් මිරිස් කුඩු මේසහැඳි 1ක්
බැදගත් තුනපහ කුඩු මේසහැඳි 1ක්
අමු තුනපහ කුඩු මේසහැඳි 1ක්
උකු පොල් කිරි කෝප්ප 2ක්
කුරුඳු පොතු කැබැල්ලක්
තලාගත් ඉගුරු
කහ කුඩු තේහැඳි 1/4ක්
ලුණු අවශ්‍ය පමණට
රම්ප, කරපිංචා, සේර අවශ්‍ය පමණට

⭐️සාදන ක්‍රමය

එළු මස් සෝදා කපා භාජනයකට දමා ගන්න. ඉන් පසු පොල් කිරි හැර අනිත් සියලුම කලමනා එක්කර වතුර කෝප්පයක් එක්කරන්න. ඉන් පසු ලිප තබා මද ගින්නේ තම්බා ගන්න. මස් තැම්බුනාට පසු කිරි එක්කරන්න. කිරි නටනවිට ලිපෙන් ඉවත් කර තුනපහ කුඩු ඉස ගන්න.

කුකුල් මස් පෙපර් ස්ටු


⭐️අවශ්‍ය ද්‍රව්‍ය

කුඩාවට කපගත් කුකුල් මස් ග්‍රැම් 500ක්.
මාළු මිරිස් කරල් 02ක්.
අබරාගත් අබ තේහැඳි 1/2ක්.
තෙල් මේස හැඳි 02ක්.
එනසාල් කරල් 03ක්.
ගම්මිරිස් කුඩු තේහැඳි 01ක්.
අමු තුනපහ කුඩු තේහැඳි 01ක්.
කහ කුඩු තේහැඳි 01ක්.
සේර.
කරාබු නැටි 02ක්.
තක්කාලි ගෙඩි 3ක්.
සුදු ලුනු බික් 03ක්.
දියකිරි කොප්ප 1 1/2ක්.
මිටි කිරි කොප්ප 01ක්.
රම්ප කරපිංචා අවශ්‍ය තරමට.

⭐️සාදන ක්‍රමය

කුකුල් මස් වලට ලුණු, අමු තුනපහ,කහ , අබ, ගම්මිරිස් කවලම් කර මද වේලාවක් පසකින් තබන්න, බදුනකට තෙල් දමා රත් කරන්න, රත් වන විට රම්පේ කරපිංචා, සුදුලුනු, සේර එනසාල්, කරාබු නැටි, පෙති කැපු මාළු මිරිස් දමන්න,මද වෙලාවකින් එයට කුකුල් මස් දමා කවලම් කරන්න,ඉන් පසු දිය කිරි ප්‍රමාණය එක්කරන්න තැම්බිගෙන එන විට මිටි කිරි සහ තක්කාලි එක්කර කවලම් කරන්න, කරි හොදින් පැසි හිදිගෙන එන විට ලිපෙන් ඉවත් කරන්න.

චිකන් කරිය


⭐️අවශ්‍ය ද්‍රව්‍ය

කුකුල් මස් 1kgයි.
කහ කුඩු තේ හැඳි 1/2යි.
ලියාගත් අමු මිරිස් කරල් 04යි.
තලගත් ඉගුරු සුදු ලුනු.
කරදමුංගු කරාබුනැටි
සියඹලාඅම්ප කරපිංචා ලුණු අවශ්‍ය පමණට
මජරින් මේස හැදි 2
තුනපහ කුඩු මේස හැදි 1ක් පමණ.
පොල් කිරි කොප්ප 1 1/2 ක් පමණ.

⭐️සාදන ක්‍රමය

කුකුල් මස් ලොකු කැබලි වලට කප සොද ගන්න. තෙල් ලිප තබා (මගරින් වඩත් හොදයි ) සුදු ලුනු, රතු ලුනු ,රම්ප කරපිංචා ආදිය බැදගන්න.එවා රන් වන් පැහැ ගැන්වෙන විට තුන පහ සහ මිරිස් කුඩු දම කවලම් කරන්න. එයට මස් එක්කරන්න. ලුණු සියඹලා දමා මදගින්නෙ පිසින්න( අඩ්ය අල්ලන්නට නොදී) මස් හොදින් තැම්බු පසු පොල් කිරි එක්කරන්න. කිරි හොදින් නටන විට බදින ලද තුන පහ එකතු කරන්න.. මද වේලවක් ලිපේ තිබිමට හැර ලිපෙන් බාගන්න.

එලුමස් බාබෙක් කරිය


⭐️අවශ්‍ය ද්‍රව්‍ය

එළුමස් බාබෙක් ග්‍රෑම් 500ක්.
අමු මිරිස් කරල් 03ක්.
සියබලා තේ හැඳි 02ක්.
සේර කැබලි 02ක්.
කරබු නැට් 03ක්
මිරිස් කුඩු තේ හැඳි 02ක්.
බැදපු තුනපහ තේ හැඳි 02ක්
ගම්මිරිස් කුඩු තේ හැඳි 01ක්.
මිටි කිරි කොප්ප 01ක්.
එනසාල් කරල් 03ක්.
සදික්කා පොඩි කැල්ලක්.
කුරුදු පොතු කැබැල්ලක්.
රම්ප.
කරපිංචා.
ලුණු අවශ්‍ය තරමට.

⭐️සාදන ක්‍රමය

එළුමස් කැබලි වලට කපා සේදා තම්බන්න,(එහි කළු පැහැ කැබලි ඉවත් කරන්න )බදුනකට තෙල් දමා රත් වන විට ලුනු,රම්පේ, කරපිංචා,සේර, කරද මුංගු, කරබුනැටි, කුරුදු, සාදික්කා,අමු මිරිස් දමා,බාබේ දමා සියඹලා කවලම් කර මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, ලුණු දමන්න.

චිලි ගාර්ලික්ස් රෝස් චිකන්


⭐️අවශ්‍ය ද්‍රව්‍ය

(කුකුල් මස්) කුකුල් ඩ්‍රම්ස්ටික් 12 ක්
ඔරිගානෝ හර්බල් තේහැඳි 1 1/4 ක්
ගම්මිරිස් කුඩු තේහැඳි 1 1/4 ක්
තේල් මේසහැඳි 5 ක් , ඇස්ට්‍රා මේස හැඳි 1 ක්
සිහින්ව ගාගන්නා ලද දෙහි ලෙලි තේහැඳි 1 ක්

⭐️සාදන ක්‍රමය

කුකුල් මස් සමග අවශ්‍ය සියලුම කලමණා එකට දමා කුකුල් මස් සිසන් කරගත යුතුය, ( විනාඩි 30 ක් පමණ වේලා ) ඉන් පසු පැයක පමණ කාලයක් තිබේන්නට හැර පෝරණුව අන්ශක 150 හේ උෂ්නත්වයට රත් කර කුකුල් මස් රොස් කර ගන්න.

⭐️මේ සමග කෑම සදහා ගාලික් චිලි සෝස් සාදාගන්න

සුදු ළුණු බික් 8 ක්
අමු මිරිස් කරල් 07 ක්
වතුර කොප්ප 1 1/4 ක්
දේහි යුෂ තේහැඳි 1 ක්
එලවලි තෙල් මේස හැඳි 05 ක්
ලුනු ගම්මිරිස් අවශ්‍ය පදමට

⭐️සාදන ක්‍රමය

සියල්ලම එකට දමා හොදින් බ්ලේන්ඩ් කරගන්න, පතුල ඝනකම ඇති භජනයක් ගෙන එය ලිප තබා බ්ලේන්ඩර් කරන ලද සියල්ල දමා 1/4 ප්‍රමාණයකට සිදුවා ගන්න,

සකසා ගන්නා ලද සොස් සමග රොස් කරන ලද කුකුල් මස් අහාරයට ගන්න

චිකන් ඩෙවල්


⭐️අවශ්‍ය ද්‍රව්‍ය

කුකුල් මස් 1ක්
සුදුළුනු 06
මාලු මිරිස් කරල් 04 ක්
වියලි මිරිස් කරල් 05
රට ළුනු ගෙඩි03 ක්
එනසල් , කරාබුනැටි, රම්ප , කරපිංචා, කුරුදු පොතු, විනාකිරි, මාජරින් , ලුනු,

⭐️සාදන ක්‍රමය

මුලින්ප කුකුල් මස් තරමක කැබලි වලට කප සොදා එයට ලුනු වතුර ස්වල්පයක් හා විනකිරි එක්කර තම්බා ගන්න.ඉන් පසු වතුර බේරෙන්නට හැර බදුනක් ලිප තබා එයට මජරින් දමා රත් වු විට මස් දමා බැදෙන්නට හරින්න,ඉන් පසු එයට අනිකුත් කලම්නා එක්කරන්න , මද වෙලවකින් තක්කලි සෝස් ,රවුමට කපන ලද ලුනු , සහ මලු මීරිස් එක්කරන්න. මද වෙලාවක් ලිපේ තිබෙන්නට හැර ලිපේන් ඉවත් කරන්න (මාලු මිරිස් වල පැහැය වෙනස් විමට නොදෙන්න)

හරක් මස්


⭐️අවශ්‍ය ද්‍රව්‍ය

හරක් මස් 500gයි.
ලියාගත් අමු මිරිස්
රතුලුනු මේසහැදි 2
සුදු ලුනු බික් 4.
බැදපු මිරිස් කුඩු මේස හැදි 1 1/2
පොල් කිරි අඩු කොප්ප 05
සේර, විනාකිරි, කුරුදු කැබලි, ඉඟුරු, ලුණු, රම්ප, කරපිංචා අවශ්‍ය පමණට යොදා ගන්න.

⭐️සාදන ක්‍රමය

මස් සෝදා කපා ගන්න.තරමක කබලි වලට කපා ගන්න. ඉහත කී සියලුම කලමනා මස් වලට එක්කර ගෙන එයට වතුර කොප්පයක් වත් කර හොදින් කලවම් කරන්න.. මස් වලට තුනපහ හොදින් එකතු විමට විනාඩි 05 ක් පමණ තිබිමට හැර ලිප තබන්න. මස් තැම්බුන පසු එයට සකසා ගන්නා ලද පොල් කිරි ටික එකතු කරන්න, කිරි හොදින් නැටුවට පසු ලිපෙන් ඉවත් කර ගන්න. (තෙම්පරදු කර ගැනිම මගින් වඩාත් රසවත් වේ)

ෆ්‍රයිඩ් චිකන් 02


⭐️අවශ්‍ය ද්‍රව්‍ය

කුකුල් මස්
පාන්පිටි කොප්ප 2ක්
මිරිස් කුඩු තේහැඳි 1ක්
ගම්මිරිස් උඩු තේහැඳි 2ක්
දෙහි ස්වල්පයක්
ලුණු අවශ්‍ය පදමට

⭐️සාදන ක්‍රමය

මස් හම සහ කටු ඉවත් කර සෝදා තිරු වලට කපා ගන්න. ඉන් පසු දෙහි දමා අතගාගන්න. බෝල් එකකට පාන් පිටි, ගම්මිරිස්, ලුණු, මිරිස් කුඩු දමා කවලම් කර ගන්න. ඉන් පසු කුකුල් මස් සදා ගත් පිටි මිශ්‍රණට දමා හොදින් පිටි දවටා ගන්න. ඉන් පසු ගැඹුරු තෙලේ රන් වන් පාට වනතුරු බැද ගන්න.

ෆ්‍රයිඩ් චිකන් 01


⭐️අවශ්‍ය ද්‍රව්‍ය

කුකුල් මස් කැබලි 20ක් පමණ
ගම්මිරිස් කුඩු තේ හැඳි 01ක්
මිරිස් කුඩු තේ හැඳි 02ක්
විනාකිරි තේ හැඳි 02ක්
දෙහි ගෙඩියක යුෂ
සෝ‍යා සෝස් තේ හැඳි 04ක්
ඉඟුරු අඹරා තේහැඳි 02ක්
සීනි තේ හැඳි 02ක්
රස අනුව ලුණු
බිස්කට් කුඩු
බිත්තර 02ක්
පාන් පිටි කොප්ප 01ක්

⭐️සාදන ක්‍රමය

කුකුල් මස් හොදින් සොදා වතුර බේර මස් කැබලි ගැරුප්පුවෙන් හිල් කර ගන්න. ඉන් පසු මස් බොල් එක්කට දමා එයට සෝ‍යා සෝස්, ඉඟුරු, සීනි, මිරිස් කුඩු, විනාකිරි, සුදු ළුෑණු, ගම්මිරිස්, දෙහි ඇඹුල් සහ ලුණු එකතු අර කවලම් කර මද වෙලාවකින් තේල් හැඳක් දමා කවලම් කරන්න. ඉන් පසු කුකුල් මස් ටික පැය එක හමාරක් පමණ වේලා සීසන් කර ගන්න. ඉන් පසු සකසා ගත් කුකුල් මස් කැබැල්ලෙන් කැබැල්ලේ මුලුන්ම පිටි දවටන්න. ඉන් පසුව එම කැබලි වලම හොදින් ගසාගත් බිත්තර දවටන්න. ඉන් පසු බිස්කට් කුඩු දවටා ගන්න. බිස්කට් කුඩු හොදින් දවටන්න. ඉන් පසු හොදින් නැවතත් දැවටිම එ අකාරයටම කරන්න. ඉන් පසු ගැඹුරු තේලේ බැද ගන්න. සෝස් සමග ආහාරයර ගන්න.

එලු මස් මිරිසට තෙම්පරාදුව


⭐️අවශ්‍ය ද්‍රව්‍ය

එළු මස් 500g යි.
බැදපු මිරිස් කුඩු මේසහැඳි 2
බැදපු තුනපහ කුඩු මේසහැඳි 1
කහ තේ හැඳි 1/4
අමු මිරිස් කරල් 03 රතුලුනු ගෙඩි 5 පමණ
සුදුලුනු බික් 04 පමණ.
සියඹලා , ලුණු ,ඉඟුරු , පොල් තේල් , සේර රම්ප කරපිංචා ආදිය අවශ්‍ය පමනට එක්කරන්න.

⭐️සාදන ක්‍රමය

මස් සෝදා අවශ්‍ය පමණට කැබලි වලට කප ගන්න. බදුනක් ලිප තබා තෙල් දමා අවශ්‍ය කලමනා එයට දමන්න මිශ්‍රනය රන් වන් පැහැ ගැන්වෙන විට එයට තුනපහ කුඩු මිරිස් එක්කරන්න ඉන්පසු කැබලි වලට කපාගත් මස් ටික එකතු කරන්න.එය හොදින් කලවම් කරන්න. ඉන් පසු වතුර වත් කරන්න.ඇඹුල් හා ලුණු දමාගන්න ,මදගින්නේ හොදින් තැම්බිමට හැර ලිපෙන් ඉවත් කරන්න.

ඌරු මස් මිරිසට


⭐️අවශ්‍ය ද්‍රව්‍ය

ඌරු මස් 1kg
ලියාගත් රතු ලුනු 4
ලියාගත් අමු මිරිස් කරල් 3
සුදු ලුනු බික් 6
බැදගත් තුනපහ කුඩු මේස හැදි 4ක් බැදගත් මිරිස් කුඩු මේස හැදි 1 1/2
ගම්මිරිස් මේස හැදි 1
කරපිංචා , ගොරක , ඉඟුරු , ලුණු කුඩු ආදිය අවශ්‍ය පමණට.

⭐️සාදන ක්‍රමය

මස් කපා හොදින් සෝදා භාජනයකට දමා ගන්න. ඉන් පසු මස් ටිකට වතුර ටිකක් දමා එයට අනේක් සියලුම කලමනා ය්යට යොදා හොදින් කලවම් කර මදක් තිබෙන්නට හැර ලිප තබන්න. ( පැයක් පමණ වේලා මඳගින්නේ පිසෙන්නට හරින්න. )පදමට ආ පසු ලිපෙන් ඉවත් කර බැදගත් තුනපහ කුඩු ඉසින්න.