Saturday, October 13, 2018

කහ බත්


⭐️අවශ්‍ය ද්‍රව්‍ය

1)සම්බා හාල් කි.ග්‍රෑ 1යි.
2)පොල් ගෙඩි 1යි.
3)එලවළු තෙල් හෝ පොල් තෙල් මේස හැඳි 5ක් පමණ.
4)ගම්මිරිස් ඇට තේ හැඳි 1ක්.
5)ලූණු ග්‍රෑම් 250.
6)උම්බලකඩ ග්‍රෑම් 100.
7)සුදුළුුනු බික් 5-6ක්.
8)පොඩි කුරුඳු පොතු කැබැල්ලක්.
9)අමු ඉඟුරු කැබැල්ලක්.
10)ලුණු, රම්ප, කරපිංචා,

⭐️සාදන ක්‍රමය

මුලින්ම එලවළු තෙල් රත් කර උම්බලකඩ, රම්ප, කරපිංචා, රතු ළුුණු, සුදු ළුුණු, තලාගත් අමු ඉඟුරු කැබැල්ල, ආදිය එකතු කර ළුුණු මදක් රන්වන් දුබුරු පැහැය වනතුරු බැදගන්න, ඉන් පසු සොදන ලද සහල් එයට දමා කවලම් කරන්න. ඉන්පසු පොල් කිරි, ලුණු කුඩු, කහ කුඩු, එක්කරන්න. ඉන්පසු එයට කරදමුංගු, කරාබුනැටි, කුරුඳු පොතු ස්වල්පයක් එකතු කරගන්න. බත හොඳින් තම්බා ගත් පසු ආහාරයට ගත හැකිය.

No comments:

Post a Comment