Saturday, October 13, 2018

පැනි කිරි බත්



⭐️අවශ්‍ය ද්‍රව්‍ය:

01)කැකුළු හාල් 1
02)තල ඇට 250
03)මුං ඇට 250
04)රුලං 250
05)වියළි මිදි 250
06)රට ඉදි 200
07)කජු මද 250
08)කිතුල් හකුරු 500
09)පොල් පැණිඅඩු කෝප්ප 1
10)සීනි 500
11)කරදමුංගු කරල් ස්වල්පයක්
12)පොල් ගෙඩි දෙකක මිටි කිරි කෝප්ප 2
13)දිය කිරි කෝප්ප 2
14)ලුණු රස පදමට

⭐️සාදන ක්‍රමය :

මු ඇට රැයක් පෙගෙන්නට තබා ගරා සෝදා ගත් හාල් සමග එකතු කර අවශ්‍ය තරමට වතුර දමා ළිප තබන්න. මුං ඇට තැම්බුනු පසුව තල ඇට එයට එකතු කරන්න. පසුව සීනි හා හකුරු  සූරා මිටි කිරි වලට කලවම් කරන්න.එයටම දිය කිරි කෝප්ප දෙක කලවම් කර ලුණු අවශ්‍ය තරමට එකතු කර ගන්න.කරදමුංගු තලා එම මිශ්‍රණයට එකතු කර බතට දමන්න. රුලං හා මිදි එකතු කර කජුද කැබලි කර බතට එකතු කරන්න.රට ඉදි ද කුඩාවට කපා දමන්න.පසුව පොල් පැණි මිශ්‍රණය ටිකෙන් ටික එකතු කර කලවම් කරන්න.හොදින් මද ගින්නේ ඉදෙන්නට හැර කෑලි කපා ගන්න.

No comments:

Post a Comment