Saturday, October 13, 2018

එළවළු බත්


⭐️අවශ්‍ය ද්‍රව්‍ය

1)බාස්මතී හෝ සම්බා හාල් 1.
2)කැරට් 100g.
3)ලීක්ස් 200g.
4)ගෝවා 100g.
5)බිත්තර 3ක්.
6)එලවලු තෙල් හෝ පොල් තෙල් මේස 7)හැඳි 2ක් පමණ.
8)රටලූනු 100g.
9)තම්බපු ග්‍රීන් පීස් ටිකක්.
10)තම්බපු ඉස්සන් 250g.
11)සුදුලූනු බික් 5-6ක් පමණ
12)කරදමුංගු, කරාබුනැටි, කුරුඳු පොතු, අමු ඉඟුරු කැබැල්ලක්, රම්ප, කරපිංචා, ලුණු, තක්කාලි සෝස්

⭐️සාදන ක්‍රමය

මුලින්ම බත බෙරි නොවන සේ පිසගන්න. සිහින්ව ලියා බඳුනකට දමා බැද ගන්න. ඉන්පසු සිහින්ව කපාගත් එළවළු එයට එක්කර මදගින්නේ බැදෙන්න හරින්න. එයට සෝස් ඉස්සන් එක්කරන්න. සාදාගන්නා ලද බතද එයට එකතුකර කවලම් කරන්න. අවශ්‍ය පමණට ලුණු ඉසගන්න. තවද තම්බාගත් ග්‍රීන්පීස් හා තම්බාගත් බිත්තර හෝ ඔම්ලට් දමාගත් බිත්තර කැබලි එයට එක්කර ගන්න.

No comments:

Post a Comment