Saturday, October 13, 2018

මුං පොල් බත්


⭐️අවශ්‍ය ද්‍රව්‍ය

1)කලින් දින පොඟවාගත් මුං ඇට ග්‍රෑම් 500ක්
2)සුදු කැකුළු හාල් ග්‍රෑම් 500ක්
3)ලොකු කලටි පොල් ගෙඩි 1ක්
4)ලුණු කුඩු තේහැඳි 2ක්

⭐️සාදන ක්‍රමය

ගරාගත් මුං ඇට හා සහල් ලිප තබා ඉඳුණු පසු දියකරගත් ලුණු එක්කර ගන්න. ඉන් පසු සිහින්ව ගා ගත් පොල් දමා කලවම් කරන්න. මිනිත්තු දහයක් පමණ මදගින්නේ තිබේන්නට හරින්න. ඉන් පසු හොඳින් කුරු ගාන්න. ලුණු මිරිසක් හෝ මාළු සමග ආහාරයට ගන්න.

No comments:

Post a Comment