Saturday, October 13, 2018

ඉඹුල් කිරි බත්


⭐️අවශ්‍ය ද්‍රව්‍ය:

01)කැකුළු හාල් 1kg
02)පොල් පැණි බෝතල් 1/2
03)පොල් ගෙඩියක කිරි
04)සිහින්ව ගා ගත් පොල්
05)ලුණු ස්වල්පයක්
06)මහදුරු ඇට ටිකක්


⭐️සාදන ක්‍රමය:

තාච්චියකට පැණි දමා උණු කර නුලක් මෙන් වැක් කෙරෙන ගානට එන විට එයට සිහින්ව ගා ගත් පොල් හා බැද කුඩු කල මහදුරු එකතු කර හොදින් හැදි ගාන්න. පොල් පෑණි සෑදුණු පසුව ලිපෙන් බා ගන්න. පසුව හාල් වලට අවශ්‍ය තරමට  වතුර දමා තැම්බුනු පසුව එයට පොල් කිරි හා ලුණු එක් කර කිරි බත් පිළියෙල කරන්න. කිරිබත් ටිකක් තුනී කර මැදට පැණි පොල් දමා වසා ගන්න.

No comments:

Post a Comment