Wednesday, October 17, 2018

ඉස්සෝ වඩේ


⭐️අවශ්‍ය ද්‍රව්‍ය

ඉස්සන් ග්‍රෑම් 150ක් පමණ
කඩල පරිප්පු එකහමාරක්
සිහින්ව ලියාගත් ඉඟුරු මේසහැඳි 1ක්
රතු ළුෑණු ගෙඩි 6 ක්
වියලි මිරිස් කරල් 12ක්
සුදුළුෑණු බික් 3 ක්
කරපිංචා කිනිති 3 ක්
කහ කුඩු තේහැඳි 1 ක්
මිරිස් කුඩු තේහැඳි 2ක්
සිහින්ව කොටු කපන ලද බීළුෑණු ගෙඩි 1 ක්
සිහින්ව ලියන ලද අමු මිරිස් කරල් 4ක්
ලුණු රස අනුව
දෙහි යුෂ තේ හැඳි 1ක්
පාන් පිටි ස්වල්ප‍යක්
බැද ගැනිම සදහා පොල් තෙල්

⭐️සාදන ක්‍රමය

ඉස්සන් සුද්ද කර එයට එයට දෙහි බැයක් යුෂ සහ කහ කුඩු ස්වල්ප‍යක් දමා අත ගා ති‍යන්න. පැය තුනක් පමණ වෙලා පරිප්පු දියේ දමා තබන්න.ඉන් පසු වතුර බේරා කොටා ගන්න. කොටා ගන්නා පරිප්පු වලට ඉඟුරු, සුදුළුෑණු, රතුළුෑණු, වියළි මිරිස් කරල්, කරපිංචා, ඉස්සන් 6ක් දමා හොදින් කොටා ගන්න. (අවශ්‍ය නම් තරමක කැබලි සිටින සේද කොටා ගත හැක ) ඉන් පසු එය භාජණයකට දමා එ‍ය ට ලුණු, පාන් පිටි මේසහැඳි 3ක් සහ මිරිස් කුඩු එකතු කර හොදින් මිශ්‍ර කර ගන්න. සකසා ගන්නා ලද පරිප්පු මිශ්‍රණය පසකින් තබා බැද ගැනිම සදහා තෙල් ලිප තබන්න. ඉන් පසු අත් වල හොදින් වතුර තවරා ගෙන අවශ්‍ය ප්‍රමාණ‍යට පරිපු ගෙන බෝල‍යක් සදා එ‍ය අත් වලින් තද කර පැතලි කර ගන්න. ඉන් පසු එයට උඩින් ඉස්සන් දෙකක් තබා තරමක් තද කර පරිස්සමින් රත් වු තෙලට දමන්න. රන් වන් පැහැ වන තුරු බැදගන්න.ඉන් පසු බැද ගන්නා ලද වඩේ තේල් කඩදාසියක් මතට දමන්න. ඉන් පසු කොටු සහ සිහින්ව කපන ලද ළුෑණු සහ අමු මිරිස් ඉට උඩින් දමා ගන්න. අවශ්‍ය නම් සෝස් එක්කර ගැනිමට පුළුවණ.

No comments:

Post a Comment