Saturday, October 13, 2018

බිරියානි


⭐️අවශ්‍ය ද්‍රව්‍ය

01)බාස්මති හෝ සම්බා කිලෝග්‍රැම් 01ක්.
02)පොතු ඉවත් කරන ලද ඉස්සො 03)කිලෝග්‍රැම් 1 1/2ක්.
04)කජු ග්‍රැම් 150ක්.
05)සුල්තානා ග්‍රැම් 50ක්.
06)තක්කලි ග්‍රැම් 200ක් සිහින්ව ලියාගන්නා ලද.
07)මිකිරි මිලිලීටර් 200ක්.
08)බීලුනු ග්‍රැම් 250ක් සිහින්ව ලියා ගන්නා ලද.
09)සුදුලුනු බික් 9ක් පමණ සිහින්ව ලියා.
10)මසලා ග්‍රැම් 20ක්.
11)එනසාල් කරන් 03ක්.
12)කරාබු නැටි 03ක්.
13)එළඟි තෙල් තේහැඳි 02ක්.
14)කොත්තමල්ලි කුඩු ග්‍රැම් 10ක්.
15)කහ තේහැඳි 1/2ක්.
16)අවශ්‍ය නම් පමනක් ස්ටානිෂ් 02ක් හා සී ෆුඩ් ස්ටොක් එකක්.

⭐️සාදන ක්‍රමය

සී ෆුඩ් ස්ටොක් එක සදා ගන්නා අකාරය :- (තෝර මළු කටු, ලීක්ස් ග්‍රැම් 60ක්, කැරට් ග්‍රැම් 120ක්, බේලීව්ස් ස්වල්පයක්, සැල්දිරිය ස්වල්පයක්, මාළු කටු උණු වතුරෙන් සෝදා භාජනයකට දමා ගන්න, ඉන් පසු බතක් පිසින්න අවශ්‍ය තරමට වතුර එක්කර සී ෆුඩ් ස්ටොක් එක සදා ගැනිමට අවශ්‍ය සියලුම කලමණා එයට එක්කර විනාඩි 40ක් පමණ වේලා උතුරවා ගන්න,(බත් සාදා ගැනිමට අවශ්‍ය තරමට වතුර තැබිය යුතුයි ) හාල් හොදින් සෝදා වතුර බේරිමට තබන්න,ඉන් පසු භාජනයක් ලිප තබා එළගිතෙල් දමා එයට කරදමුංගු, කුරුදු පොතු, කරාබු නැටි,ස්ටානිෂ්, රටලුනු, එක්කරන්න,ඉන් පසු එයට වතුර බේරා ගන්නා ලද හාල් එක්කර තෙම්පරාදු කර ගන්න,ඉන් පසුව කලින් සකසා ගන්නා ස්ටොක් වතුර ටික බත පිස ගැනිමට ප්‍රමාණවත් වන පරිදියොදා ගන්න,බත බාගෙට පිසුන පසු ලිපෙන් බා ගන්න, තවත් භාජනයක් ගෙන එලගිතෙල් ස්වල්පයක් එක්කර රට ලුනු, සුදු ලුනු, අමු මිරිස්, මසාලා, ඉඟුරු,රම්ප , කරපිංචා, තක්කාලි, කොත්තමල්ලි, කහ එක්කර පේස්ට් එකක් සදා ගන්න,එම පේස්ට් එකට මීකිරි සහ ඉස්සෝ එක්කර ගන්න,මෙම පේස්ට් එක විනාඩි 4ක් 6ත් අතර ප්‍රමණයක් ලිප තබා බාගන්න,ලිපෙන් බාගන්නා ලද පේස්ට් එකට මින්චි,කොත්තමල්ලි කොළ,ලුණු ගම්මිරිස් එක්කරන්න,ඉන් පසු තවත් භජනයක් ගෙනබත් තට්ටුවක් දමන්න එයට සදා ගන්න ලද පේස්ට්, කජු හා සුල්තානා දමන්න, මෙසේ තට්ටු කිහිපයකටම වෙන් කර පේස්ට්, කජු හා සුල්තානා දමන්න,පියනකින් වසා ගින්දර අඩුම කර විනාඩි 15ත් 20ත් අතර කලයක් පිසගන්න.

No comments:

Post a Comment